FAST NEWS

24×7 Around the Globe

මෛත්‍රිපාල ජනාධිපතිතුමා නිසා සියලු හයිය පක්ෂයට තියෙනවා..

අපි ගාව ඉන්න බැරි හොරුන්ගේ, තක්කඩියන්ගේ සහ විනාශකාරයන්ගේ කඳවුර එයාලගේ බවට ඒකාබද්ධය පත් වෙලා තිබෙනවා යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ඇමැති දුමින්ද දිසානායක මහතා ගාල්ල පින්නදුවේ පැවැති අක්මීමන ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරීන් දැනුවත් කිරීමේ රැස්වීමක් අමතමින් පැවැසීය.

දුමින්ද දිසානායක මහතා මෙසේද කීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ පාක්ෂිකයා පැරැදිලා නැහැ. දැන් එහෙම නම් අපි ගමේ පුංචි ඡන්දෙදි අපි දැන් ගමේ බෙදිල පරදින්න ඕනද? මේ පළාත් පාලන මැතිවරණය මගේ මැතිවරණයක් හෝ මහින්ද රාජපක්ෂ මහත්තයා නැවත ජනාධිපති හෝ අගමැති කරන්න පවත්වන මැතිවරණයක් නෙවෙයි. මේ ගමට නායකයෙක් හදා ගන්න පවත්වන මැතිවරණයක්. මේ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරයෙක් හදා ගත්තොත් පමණයි ජනාධිපතිතුමාගේ නියෝජිතයෙක් හැටියට ගමට වැඩක් කරගත හැක්කේ.

මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා 2021 වන තුරු මේ රටේ ජනාධිපති. ඉදිරි මහ මැතිවරණය පවත්වන්නේත් මෛත්‍රිපාල ජනාධිපතිතුමා යටතේ. ඒ නිසා සියලු හයිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තියෙනවා.