සුපිරි වීරයෙකු බවට පත්වීමට ගොස් ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවූ තරුණයෙකු පිළිබඳ මේ දිනවල සමාජ මාධ්‍ය ජාලාවල කතාබහට ලක්වෙමින් පවතියි.
26 හැවිරිදි වියේ පසුවූ චීනයේ සුපර් මෑන් යනුවෙන් ප්‍රසිද්ධව සිටි මෙම තරුණයා මහල් 62කින් යුත් ගොඩනැගිල්ලක ඉහළ මහලේ සිට ව්‍යායාම කර තිබෙන බවත් එම ක්‍රියාකාරකම්වලදී සමබරතාව ගිලිහී ගොස් මෙම තරුණයා ගොඩනැගිල්ලේ බිමට ඇදවැටී තිබෙන බවත් සදහන්ය.
මීට පෙර අවස්ථාවලදී ඔහු මෙවැනි ත්‍රාසජනක වීඩියෝ රැසක් සමාජ ජාල වෙත යොමුකර එමගින් ප්‍රසිද්ධියක් ලබා ගැනීමට උත්සාහ කළ අයෙකු බව පැවසේ.
එම වීඩියෝව පහතින්..









