FAST NEWS

24×7 Around the Globe

වෙබ් අඩවි හරහා දැරියන් ලිංගික අපයෝජනයට..

පරිගණකයේ හෝ දුරකථනයේ ඇති කැමරාවෙන්, අන්තර්ජාලය ඔස්සේ සජීවීව අමුත්තන් සමග සම්බන්ධ විය හැකි වෙබ් අඩවි හරහා දැරියන් ලිංගික අපයෝජනයට ලක් කෙරෙන බව බීබීසී ක්‍රියාත්මක කරන ලද ගවේෂණයක දී හෙළි වී තිබේ.

දුරකථනය ඔස්සේ ඉතා පහසුවෙන් මෙම වෙබ් අඩවි වලට පිවිසිය හැකි අතර, එම අඩවි වැඩි වශයෙන් භාවිත කරන්නේ දරුවන් විසිනි.

අන්තර්ජාලය භාවිතයේ දී ආරක්ෂා විය යුතු ආකාරය පිළිබඳ හඬනගන ක්‍රියාකාරිනියක වන කුද්සියා ෂා, 14 හැවිරිදි දැරියක ලෙසින් පාසල් නිල ඇඳුමකින් සැරසී මෙම වෙබ් අඩවි හරහා අමුත්තන් සමග සංවාදයේ යෙදුන බවත් මෙම වෙබ් අඩවි භාවිතය ළමුන්ට කෙතරම් භයානක දැයි යන්න එම ගවේෂණයේ දී හෙළි වී ඇති බවත් සදහන් වෙයි.