FAST NEWS

24×7 Around the Globe

නිව්යෝක් නුවර බෝම්බ ප්‍රහාරකයා බංග්ලාදේශ සංක්‍රමණිකයෙක්..

නිව්යෝක් නුවර ප්‍රධාන මෑන්හැටන් බස් නැවතුම් පොළට බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ බංග්ලාදේශ ත්‍රස්තවාදියා අත්අඩංගුවට පත්ව තිබෙන බව විදෙස්මාධ්‍ය පවසයි.

27 හැවිරිදි අකෙයිද් උල්ලාහ් නමැති සැකකරු , බංග්ලාදේශ සංක්‍රමණිකයෙකු ලෙස ඇමෙරිකාව වෙත පැමිණි අයෙක් වන බවත් ඔහු ප්‍රහාරය සඳහා රැගෙන ආ ඉතා අවම තාක්ෂණයක් යොදාගෙන සාදා තිබූ පයිප්ප බෝම්බයෙන් ප්‍රහාරකයාද තුවාල වී ඇත්තේ ඔහු එම බෝම්බය සිය ශරීරයේ බැඳගෙන තිබූ නිසා බවත් බලධාරීහු පවසති.

ඇමරිකාවේ නිව්යෝක් නුවර මැන් – හැට්න් හි ප්‍රධාන බස් රථ අංගනය අසළ ඊයේ(11) උදෑසන කාර්ය බහුල වේලාවේ බංග්ලාදේශ සංක්‍රමණිකයෙකු බෝම්බයක් පිපිරවූ අතර පිපිරීමෙන් බෝම්බකරු ඇතුළු පුද්ගලයන් 04 දෙනෙකු තුවාල ලැබූ බවත්, නිව්යෝක් නුවර දැඩි කලබලකාරී තත්ත්වයක් හට ගත් බවත් විදෙස්මාධ්‍ය පැවැසීය.

 

C.Rodrigo