FAST NEWS

24×7 Around the Globe

සුරංග ලක්මාල්ගේ අසනීප තත්වය උත්සන්න වෙයි.

ඉන්දියාවට එරෙහිව ධර්ම්ශාලාහි ඊයේ (10) පැවැති පළමු එක්දින තරගයෙන් අනතුරුව ශ‍්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් තරගයෙන් පසුව නැවතත් අසනීප තත්ත්වය උත්සන්න වී ඇති බව වාර්තා වේ.

එ අනුව සුරංග තරගය අතරතුර ක‍්‍රීඩාංගණයේදී තුන් වරක් වමනය කොට ඇති බවත් පන්දු යැවීමෙන් පසුව විවේකාගාරයේදී ද වමනය කොට ඇති බව වාර්තා වේ.

පෙර සිටිම අසනීප තත්ත්වයෙන් පසු වූ සුරංග ඊයේ (11) පෙරවරුව වනවිට සම්පූර්ණ සුව ලබා නොසිටියද කණ්ඩායම් හැඟීම නිසා ඔහු තරගයට ක‍්‍රීඩා කර ඇති බවත් පැවසේ.

තෙවැනි ටෙස්ට් තරගය පැවති දිල්ලියේ තිබුණු පරිසර තත්ත්වය තමා අසනීප වීමට හේතුව බවද හෙතෙම පවසා තිබේ.

කෙසේ වෙත්ත මේ තත්වය හේතුවෙන් දෙරට අතර පැවැත්වීමට නියමීත දෙවැනි එක්දින තරගයට ලක්මාල්ගේ සහභාගීත්වය අවිනිශ්චිත වී ඇති බවත් වැඩි දුරටත් වාර්තා වේ.

DE සිල්වා