FAST NEWS

24×7 Around the Globe

මිනී වාහනයකින් මිනී බෑග් එකක් එළියට පැනලා.. (වීඩියෝ)

නවසීලන්තයේ ඕක්ලන්ඩ්හි කාර්යබහුල මංසන්ධියක දී මිනී වාහනයක සවිකර තිබූ මළමිනි රඳවනයක් එළියට වැටීමෙන් කලබලයක් සිදුව ඇති බව වාර්තා වේ.

මෙම මිනී ප්‍රවාහන රථයේ එම අවස්ථාවේ මළමිනියක් නොතිබුණද සිද්ධිය දුටුවන් කම්පනයට පත්ව ඇති බව මේ සම්බන්ධ මාධ්‍ය වාර්තා අනාවරණය කරයි.

සිද්ධිය පිළිබඳව මේ වනවිට පරීක්ෂණ සිදුකරන බව මළ ගෙදරට සම්බන්ධ ආරංචි වාර්තා කර ඇත.

මෙම වාහනය මගින් මළ සිරුරක් ප්‍රවාහනය කිරීමෙන් අනතුරුව හිස් අසුරණය ගෙන යද්දී මෙම අකරතැබ්බය සිදුව ඇති අතර එය නිසි පරිදි වාහනයේ ඇතුළත සවිකරන්නට මගහැරීම මෙම සිදුවීමට හේතුව බව දන්වා ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් නවසීලන්තයේ අවමංගල්‍ය සේවා සංගමය කණගාටුව පළ කර ඇති අතර සිද්ධියේ වීඩියෝවක්ද අන්තර්ජාලයට නිකුත්ව ඇත.