FAST NEWS

24×7 Around the Globe

‘මෙන්ෂන් ෂූට්අවුට්’ චිත්‍රපටයේ ප්‍රචාරක පටය ප්‍රියංකා එළිදක්වයි..

දෙසැම්බර් 15 වැනිදා ප්‍රදර්ශනය වීමට නියමිත නව්සූදාන් සිද්ධික් ප්‍රධාන චරිතය නිරූපණය කරන ‘මෙන්ෂන් ෂූට්අවුට්’ චිත්‍රපටයේ ප්‍රචාරක පටය පසුගියදා බොලිවුඩයේ ‘ග්ලොබල් අයිකන්’ ලෙස හඳුන්වන ප්‍රියංකා චොප්රා අතින් එළිදක්වනු ලැබීය.

‘මෙන්ෂන් ෂූට්අවුට්’ අමිත් කුමාර්ගේ චිත්‍රපට අධ්‍යක්ෂණයක් වන අතර, එය 2013 වසරේදී ‘කාන්ස්’ සිනමා උලෙළ සඳහා ඉන්දීයාව නියෝජනය කළ චිත්‍රපටයද විය.

ත්‍රාසය, භීතිය හා කුතුහලයෙන් පිරුණු චිත්‍රපටයක් වන මෙම ‘මෙන්ෂන් ෂූට්අවුට්’ චිත්‍රපටය 2010 වසරේ නිර්මාණය කළ චිත්‍රපටයකි.