FAST NEWS

24×7 Around the Globe

සල්මාන් ඛාන්ගේ වර්තමාන පෙම්වතිය බොලිවුඩ් සිනමාවට..

සල්මාන් ඛාන්ගේ වර්තමාන පෙම්වතිය වන රුමේනියානු ජාතික ලුලියා වැන්තර් ඉදිරියේදී බොලිවුඩ් සිනමාවට එක්වීමට නියමිත බව සඳහන් වේ.

ඒ සල්මාන් ඛාන් රංගනයෙන් දායක වූ ‘ජුඩ්වා’, ‘හර් දිල් ජෝ ප්‍යාර් කරේගා’, ජීත්’ හා ‘කික්’ චිත්‍රපට නිෂ්පාදනය කළ සජිද් නදිඩ්වාලාගේ අලුත්ම බොලිවුඩ් චිත්‍රපටය හරහාය.

කෙසේ වෙතත්, මේ බව ලුලියා මෙන්ම සජිද් ප්‍රසිද්ධියේ පවසා නොමැති අතර, සජිද්ගේ බිරිඳ වර්ධා මේ බව මාධ්‍යයට දන්වා ඇත.