ඇමෙරිකාවේ නිව් මෙක්සිකෝ ප්‍රාන්තයේ ඇස්ටෙක් ප්‍රදේශයේ ඊයේ(07) උදෑසන උසස් පාසලක සිදුවූ වෙඩි තැබීමකින් සිසුන් දෙදෙනෙකු ඇතුළු තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව විදෙස්මාධ්‍ය පවසයි.
ජීවිතක්ෂයට පත්වූවන්ගෙන් දෙදෙනෙකු එම පාසලේ සිසුන් බවත් තුවාලකරුවන් පිළිබද තොරතුරු වාර්තාවී නොමැති බවත් විදෙස්වාර්තාවල සදහන්ය.
නිව් මෙක්සිකෝ ප්‍රාන්තයේ ආණ්ඩුකාර සුසානා මාටිනස් ප්‍රකාශ කර ඇත්තේ ප්‍රහාරකයා පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව ඇති බවත් ආරක්ෂක අංශ ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීම හේතුවෙන් ජීවිත හානි සංඛ්‍යාව අවමකර ගැනීමට හැකිවූ බවත්ය.
C.Rodrigo









