FAST NEWS

24×7 Around the Globe

DFCC බැංකුවේ වර්ධන වර්චුවල් වොලට් ගණුදෙනුකරුවන්ට වට්ටම් සහිත වාසි..

එළැඹෙන නත්තල් සමය වෙනුවෙන් DFCC බැංකුව විසින් සිය වර්ධන වර්චුවල් වොලට් ගණුදෙනුකරුවන් හට ඇඟලුම්, අවන්හල්, සුපිරි වෙළඳහල්, ටැක්සි සේවා ඇතුළු සේවා රාශියක් ලබාගැනීමේ දී 60%ක් දක්වා වට්ටම් ලබාගැනීමේ හැකියාව ලබාදෙමින් විශේෂ වාසි ගොන්නක් ලබාදීමට සැරසෙයි.

ටෑෂ්, ලාෆ්ස් සුපිරි වෙළඳසල්, කොට්න් කලෙක්ෂන්, මැක්ස් මාරා, ඩිවයින් හා සැන්විච් ෆැක්ටරි වෙතින් වර්ධන වර්චුවල් වොලට් ගණුදෙනුකරුවන් හට 60%ක වට්ටම් ලබාගත හැකි වේ.

ඊට අමතරව කැන්ගරූ කැබ් සේවා ලබාගැනීමේදී 50%ක වට්ටම්ද, takas.lk, Mydeal.lk, Oceansbestlk.com හා Direct2Door.lk යන අන්තර්ජාල වෙළඳ සේවා ලබාගැනීමේදී 40%ක වට්ටම් ද ඔවුන්ට හිමිවේ.

DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී – ලක්ෂ්මන් සිල්වා මහතා මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අතර වර්ධන වර්චුවල් වොලට් ගණුදෙනුකරුවෙකු වීමට ස්මාර්ට්ෆෝන් උපාංගයක් ඇති නම් DFCC ශාඛාවක් වෙත ගොස් හෝ 0112 350000 ඔස්සේ පැය 24ම ක්‍රියාත්මක වන පාරිභෝගික සේවය අමතා වර්ධන වර්චුවල් වොලට් ගණුදෙනුකරුවෙකු විය හැකියි බව හෙතෙම සදහන් කලේය.