FAST NEWS

24×7 Around the Globe

ලිංගිකත්වය ඉස්මතු කරන සංගීත වීඩියෝවලට ශෂිකාගෙන් පිළිතුරක්..

සංගීත ක්ෂේත්‍රයේ ජනප්‍රිය සේම දක්ෂ ගායිකාවක් වන ශෂිකා නිසංසලා සමගින් සිදු කරනු ලැබූ සාකච්ඡාවකදී වර්තමානයේ ලිංගිකත්වය ඉස්මතු කරන වීඩියෝ කලාව දකින්නේ කෙසේදැයි විමසීමේදී ඇය අදහස් දැක්වීම සිදුකරන ලද්දේ මෙපරිදිනි.

ඒ දේ නම් හොඳ දෙයක් ‍නෙවෙයි. කලාකරුවා කරන්න ඕන සමාජයේ යම්කිසි පීඩනයින් ඉන්න හෝ ගොඩක් වෙහෙසීමෙන් ඉන්න කෙනෙක්ට ඒ වෙහෙස, පීඩාව අමතකවෙලා යන ආකාරයට නිර්මාණ ඉදිරිපත් කිරීම. අපි දෙයක් කරනවා නම් ඒ දේ මිනිසුන්ට විඳින්න පුළුවන් වෙන්න ඕන. ඊර්ෂ්‍යාව, කුහකත්වය, තරහව වගේ දේවල් නම් අපි මිනිස්සුන්ට දෙන්නේ ඇත්තටම අපි මිනිස්සු ඉස්සරහා අසමත්. ඉතින් ලිංගිකත්වය ප්‍රධාන කරගෙන නිර්මාණ කරන්නේ තමන්ගේ හැකියාව ගැන තක්සේරුවක් නැති පිරිසක්. ඔවුන්ට විශ්වාස නෑ තමන්ගේ හඬට සංගීතය තුළින් මිනිස්සු අතරට යන්න පුළුවන් කියලා. ඉතින් ඔවුන් ලිංගිකත්වය ඉස්සර කරගෙන මෙතැනින් හම්බ කරන්නයි උත්සාහකරන්නේ.