බොලිවුඩයේ ගිනිසිළුවක් බඳු බිපාෂා බාසු ගේ අලුත්ම ප්‍රේමය ගැන නිමක් නැති කයි කතන්දර දැන් ලොව පුරා සැරිසරනවා. ජනප්‍රිය නළු හර්මන් බවේජා ගේ ඇසුරින් මිදුණු බිපාෂා මේ වන විට සමීප වී සිටින්නේ නළුවෙකු සහ නිරූපණ ශිල්පියකු වන කරන් සිං ග්‍රෝවර් වෙතටයි. බිපාෂා සහ කරන් සිං පසුගිය දිනවල ප්‍රිය සාදවලට, වෙනත් උත්සවවලට සහභාගි වුණේ සැබවින්ම පෙම් යුවළක් හැටියටම තමයි. මේ ගැන කට කතා පැතිරෙද්දී බිපාෂා කීවේ කරන් සිං යනු තමන් ඇසුරු කරන මිතුරු මිතුරියන් අතරින් එක් අයෙකු පමණක් බවයි.
ඒ කොහොම වෙතත් පසුගිය දා ලැබුණු ආරංචියක සටහන් වුණේ මේ සම්බන්ධයට බිපාෂාගේ මව දැඩි ලෙස විරුද්ධ වී ඇති බවයි. කරන් සිං ග්‍රෝවර්ගේ ක්‍රියාකලාපය ගැන තමන් තුළ අප්‍රසාදයක් ඇති බවයි, බිපාෂාගේ මව මම්තා බාසු ප්‍රසිද්ධියේම පවසා ඇත්තේ. එයට හේතු දක්වන ඇය තව දුරටත් ප්‍රකාශ කර ඇත්තේ විවාහ ජීවිත දෙකක් ගත කර ඒවාට පයින් ගසා සෙල්ලක්කාර ජීවිතයක් ගත කරන කරන් සිං වැනි අයෙකු තම දියණියට නොගැළපෙන බවයි.








