FAST NEWS

24×7 Around the Globe

මීළග ජනාධිපතිවරණය සම්බන්ධයෙන් රුසියානු ජනපතිගෙන් ප්‍රකාශයක්..

රුසියානු ජනපති ව්ලැඩිමීර් පූටින් ලබන වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයට තරග කරමින් තවත් ධුර කාලයක් බලයේ රැඳී සිටීමට සූදානම් බව රුසියාවේ වොල්ගා නගරයේ මෝටර් රථ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සේවකයන් අමතමින් ඔහු සිදුකළ අදහස් දැක්වීමකදී මෙම ප්‍රකාශය පූටින් විසින් සිදුකර තිබෙන බව විදෙස්මාධ්‍ය පවසයි.

“රුසියානු සමූහාණ්ඩුවේ ජනාධිපතිධුරය සඳහා වූ මගේ අපේක්ෂකත්වය ඉදිරියටත් ඉදිරිපත් කරන්න මා බලාපොරොත්තු වෙනවා” යැයි එහිදී පූටින් පවසා ඇති බව විදෙස්වාර්තා වල සදහන්ය.

2000 වසරේ සිට බලයේ සිටින පූටින්, වරෙක එරට ජනාධිපතිවරයා ලෙස මෙන්ම තවත් වරෙක එරට අගමැතිවරයා ලෙසද කටයුතු කළේය.

 

C.Rodrigo