ඉන්දියාවේ සිට මෙරටට රැගෙන ආ තාරකා ඉබ්බන් 1,200 දෙනෙකු කල්පිටියේ දී පොලිස් භාරයට ගෙන තිබේ.
කල්පිටිය වෙරළාසන්න ප්රදේශයේ ගෙවත්තක සඟවා සිටි මෙම තාරකා ඉබ්බන් සොයා ගනු ලැබුවේ කල්පිටිය පොලිසියේ බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවය.
ඉන්දියාවේ සිට මෙරටට මුහුදු මාර්ග ඔස්සේ මෙම තාරකා ඉබ්බන් රැගෙනවිත් ඇති බව පොලිස් පරීක්ෂණ වලදී හෙළි වී ඇති අතර පොලිසිය සඳහන් කළේ ගමන්මළු පහක් තුළ දමා සූක්ෂම ලෙස මෙම ඉබ්බන් සඟවා තබා තිබූ බවය.









