FAST NEWS

24×7 Around the Globe

ක්‍රීඩකයින්ට ගෞරවය පිරිනමීන් චන්දිමාල් තාක්ෂණකික වෙනස් කිරිම් ගැන කියයි..

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පිටිය මැද දී සැලසුම් නියම ලෙස ඉටු කිරීම ගැන ඔවුන්ට ගෞරව හිමිවිය යුතු අතරම පුහුණුකාර මණ්ඩලයට ද විශේෂ ස්තුතියක් පිදිය යුතු බව ඊයේ (06) ඉන්දීය කණ්ඩායම සමඟ අවසන් වු තෙවැනි ටෙස්ට් තරගය අවසානයේ මාධ්‍ය වෙත අදහස් දක්වමීන් දිනේෂ් චන්දිමාල් පැවසීය.

“ඇත්තටම වඩාත් සතුටු වෙන්න පුළුවන් තරගාවලියක්. දෙවැනි ටෙස්ට් ශතකය හැරුණ විට අපි හොඳින් ක්‍රීඩා කළා. රංගන ආබාධයකට පත් වූ විට සියලු දෙනා ඇන්ජලෝ මැතිව්ස් ගැන බලා‍පොරොත්තු තැබුවා. වඩාත් පීඩනය මැද ධනංජය හා රොෂේන් විශිෂ්ට පිතිකරණයක යෙදුණා. ඉන්දිය සුපිරි වේග පන්දු බල ඇණිය හමුවේ ඔවුන්ගේ ක්‍රියාත්මක වීම වඩාත් හොඳයි. දික්වැල්ල ඔහුටම ආවේණික වෙනස් ආකාරයක ක්‍රීඩකයෙක්.

ඇත්තටම මට ලකුණු අතරට පැමිණීමේ දී වඩාත් කැපවීමෙන් ක්‍රීඩා කළා. මගේ පිතිකරණයේ තාක්ෂණික වෙනස් කිරීම් පිතිකරණ පුහුණුකරු සමග සාකච්ඡා කරමින් සිදු කරනු ලැබුවා. වඩාත් අභියෝගාත්මක තරගයක්. මුල් දින දෙකෙහි පැවැති වායු දූෂණය තුළ යම් කිසි පසුබැසීමක් තිබුණත් අපි සාකච්ඡා කර එම තත්ත්වයට හොඳින් මුහුණ දෙමින් තරගයට අවතීර්ණ වූනා”

DE සිල්වා