FAST NEWS

24×7 Around the Globe

තනූජා ජයවර්ධන සිරසින් ඉවත් වෙයි..

සිරස මාධ්‍ය ජාලයේ වසර 19 ක පමණ කාලයක් සේවය කළ YFm හිටපු නාලිකා ප්‍රධානී තනුජා ජයවර්ධන MBC අධ්‍යක්‍ෂ මණ්ඩලය ඇතුළු සියළු තනතුරුවලින් 2017 දෙසැම්බර් මස 06 දින සිට ඉල්ලා අස්වී තිබේ.

“රස රිසි ගී” සංගීත වැඩසටහන ඉදිරිපත් කරමින් ජනප්‍රියවූ ඇය නිවේදිකාවක ලෙස කටයුතු කිරීමෙන් පසු එහි පරිපාලනයට සම්බන්ධව සිටියාය.

වසර 07ක් YFm නාලිකා ප්‍රධානී ධූරය දැරූ තනූජා ජයවර්ධන 2015 වසරේ සිට MTV, MBC ප්‍රවර්ධන අධ්‍යක්‍ෂ ධුරය දරමින් සිටියාය.