FAST NEWS

24×7 Around the Globe

දේශපාලනඥයන් හා ජනමාධ්‍යවේදීන් අතර ගැටුමක් තිබිය යුතුයි..

රටක ජනමාධ්‍ය කුලුන කඩා වැටුණහොත් ඉන් ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් එල්ල වන බවත් රටක දේශපාලනඥයන් සහ ජනමාධ්‍යවේදීන් අතර ගැටුමක් තිබිය යුතු වන අතර එම ගැටුමින් එක් පාර්ශ්වයක් ජය ගතහොත් ඉන් ඇතිවන්නේද ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් බවත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගියදා (04) ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේදී පැවැති ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ වෙබ් අඩවිය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් පැවැසීය.

මෙම අවස්ථාවට අතුරුදන් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරියද පැමිණ සිටි අතර ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පිළිබඳව අදහස් දැක්වූ මංගල සමරවීර ඇමැතිවරයා පැවැසුවේ එක්නැලිගොඩ මහතාගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් රජය මැදිහත්වී කටයුතු කරන බවත් ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය යල්පැනගිය ආයතනයක් බවත්ය.