FAST NEWS

24×7 Around the Globe

මිනිසුන් දණ ගස්සන දේශපාලනය අපේක්ෂාව නෙමෙයි..

ආණමඩුව මැතිවරණ කොට්ඨාසය නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරි පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් වෙනුවෙන් වැඩමුළු 7ක් පැවැත්වීමට නියමිත බව ආණමඩුව එක්සත් ජාතික පක්ෂ සංවිධායක හා වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා ආණමඩුව එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී පසුගියදා පැවැති අපේක්ෂකයන් වෙනුවෙන් සංවිධානය කර තිබූ තුන්වැනි වැඩමුළුවේ ආරම්භක දේශනය පවත්වමින් පැවැසීය.

මිනිසුන් දණ ගස්සන දේශපාලන පරපුරක් බිහිකිරීම තමාගේ හෝ පක්ෂයේ අභිප්‍රාය නොවන බවත්, වැටී සිටින පුද්ගලයන් නැඟිට්ටවීමට සමත් වන්නා වූ පරපුරක් බිහිකිරීම යුගයේ අවශ්‍යතාව බවත් ඔහු පැවැසීය.

එසේම වැඩිදුරටත් අමාත්‍යවරයා පැවැසුවේ මෙවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන එකම මැතිවරණ කොට්ඨාසය ආණමඩුව වන බවයි.