ගෙවුනු දින 3 ක කාලය තුලදී අයහපත් කාලගුණික හේතූන් මත මුහුදු යාමෙන් වලකින්නැයි නියෝග කිරීම හේතුවෙන් උතුරු මුහුදු තීරයේ මසුන් ඇල්ලීමට නොහැකි වීම නිසා තමන්ගේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වී ඇති බවට උතුරේ ධීවරයින් කියා සිටිති.
කාලගුණ දෙපාර්තමේන්තුව විසින් කියූ අයුරින් උතුරු මුහුදට සුලං සහිත මුහුදු රැල්ලක් ඇති නොවුනු බවටත් සාමාන්‍ය පරිදි සුලගක් පමණක් ඇති වූ බවත් කාලගුණ දෙපාර්තමේන්තුව විසින් කියූ පරිදි කිසිදු බලපෑමක් ඇති නොවූ බවට උතුරේ ධීවරයින් කියා සිටිති.
ඇතම් ධීවරයින් දින 3 ක් පමණ මුහුදු යාමෙන් වැලකී සිටීම නිසාවෙන් ඔවුන්ගේ දෛනික ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වූ අතරම එසේ ආර්ථිකයට බලපෑම් එල්ල වීම හේතුවෙන් අවධානම් නොතකා මුහුදු ගමන් ගිය ධීවරයින් පිරිසකට නීතියෙන්ද කටයුතු කිරීම නිසා එම ධීවරයින් තවත් අසීරුතාවයන්ට පත් වූ බවටද උතුරේ ධීවරයින් කියා සිටිති.









