ඉන්දියාවේ උත්තර්ඛාන්ද් ප්‍රාන්තයේ හිමාල කඳු වැටිය ආසන්නයේ ඊයේ(06) රාත්‍රියේ රික්ටර් මාපකයේ 5.5ක අගයකින් ඇති වූ භූ කම්පනයෙන් කිසිදු හානියක් වාර්තාවී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
පැය 24ක් ඇතුලත සිදු වු දෙවන භු කම්පනය මෙය වන අතර ඊට පැය කිහිපයකට පෙර රික්ටර් මාපකයේ 3.3 ක අගයක් ගත් භූ කම්පනයක් එම ප්‍රාන්තයේ හටගත් බව ඉන්දියානු භූ විද්‍යා අංශ පෙන්වා දෙනු ලැබීය.
මෙම භූ කම්පනය කිලෝමීටර 30 ක් පොළොව අභ්‍යන්තරයේ සිදුව ඇති බවද වාර්තා වෙයි.
C.Rodrigo









