FAST NEWS

24×7 Around the Globe

පුංචි ඡන්දය දිනන්න අපිට ඒකාබද්ධ විපක්‍ෂය අවශ්‍ය නෑ..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය එකට එක් නොවුණද, පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කරන බව එම පක්ෂයේ උප ලේකම් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (05) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවැසීය.

මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රිවරුන් 95 දෙනාම එකට එක්වන්නේ නම් මැතිවරණයේදී විශිෂ්ට ජයග්‍රහණයක් හිමිවන බවද සමරසිංහ මහතා අවධාරණය කළේය.