යුද්ධයේදී මියගිය එල්.ටී.ටී.ඊ සාමාජිකයන් මිහිදන් කර ඇති කිලිනොච්චිය කනකපුරම්හි මහවිරු සොහොන ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු කනකපුරම් උද්භිද උද්‍යානය ලෙස නම් කිරීමට කිලිනොච්චිය කරච්චි ප්‍රාදේශීය සභාව විසින් තීරණය කොට ඇත.
පසුගිය නොවැම්බර් 27 වැනිදා මහවිරු දිනය සැමරීම නිමිත්තෙන් කිලිනොච්චිය දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රි එස්. ශ්‍රී ධරන් මහතා විමධ්‍යගත අරමුදල යටතේ රුපියල් ලක්ෂ 40ක වියදමින් මහවිරු සොහොන ප්‍රතිසංස්කරණය කිරීම ඇරඹූ අතර එම මුදල් වෙන් කරවාගෙන ඇත්තේ අදාළ කනකපුරම් මහවිරු සොහොන උද්භිද උද්‍යානයක් වශයෙන් පිළිසකර කිරීමට බවට කරච්චි ප්‍රාදේශීය සභාව කියා සිටී.
එහෙත් අදාළ ප්‍රතිසංස්කරණ කටයුතු නවතා මන්ත්‍රිවරයකුට ලබාදෙන විමධ්‍යගත ප්‍රතිපාදන භාවිත කොට එල්.ටී.ටී.ඊ සංවිධානයේ සොහොන් බිමක් පිළිසකර කිරීම පිළිබඳ අග්‍රාමාත්‍යවරයා විසින් වාර්තාවක් කැඳවීමත් සමඟ එය උද්භිද උද්‍යානයක් ලෙස නම්කොට ඇති බවට තොරතුරු වාර්තා වෙයි.









