FAST NEWS

24×7 Around the Globe

සංචිතය තොරද්දී තේරීම් කමිටු සභාපති පිටරට ?

ඉන්දීය කණ්ඩායම සමග ආරම්භ වීමට නියමීත එක්දින තරගාවලිය ඇතුළු ප්‍රධාන තරගාවලි කිහිපයක් සඳහා සංචිත තෝරා ඇත්තේ තේරීම් කමිටු සභාපති ග්‍රැහැම් ලැබ්රෝයි මහතා පිටරට සිටියදී බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග කියයි.

ලැබ්රෝයි මහතා අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ තරග තීරකයකු ලෙස ද කටයුතු කරන අතර මේ දිනවල ඔහු අදාළ රාජකාරි කටයුතු සඳහා රටින් බැහැරව ගොස් ඇති බවත් කියැවෙයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිධූරය ද වැටුප් ලබන තනතුරක් වන අතර ලැබ්රෝයි මහතා රස්සාවල් දෙකක් කිරීමට ගොස් සියල්ල පටලාවාගෙන සිටින බවටද මේවන විට ක්‍රිකට් පරිපාලනයෙන් චෝදනා එල්ලවී ඇති බවත්, දේශීය ක්‍රීඩකයන් පිළිබඳව අවබෝධයක් නොමැතිව පිටරට සිට කණ්ඩායම් තේරීමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් තවත් කඩාවාටීමේ අවදානමක් මතුව ඇති බව ක්‍රිකට් ප්‍රවීණයන් පවසන බවද වාර්තා වෙයි.

ඔහු අදාළ කණ්ඩායම තේරීමට ස්කයිප් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වී ඇති බවද කියැවෙයි.