FAST NEWS

24×7 Around the Globe

එක්සත් ජාතික පෙරමුණ නාම යෝජනා නිසා අර්බුදයක..

මැතිවරණ කොට්ඨාසවලට ඉදිරිපත් කළ යුතු නාම යෝජනා සංඛ්‍යාව මෙන් තුන් ගුණයක්ද ඉක්මවන පිරිසක් අපේක්ෂකත්වය ඉල්ලීම නිසා එක්සත් ජාතික පක්ෂ ජාතික නාම යෝජනා මණ්ඩලය අර්බුදයකට මුහුණ පා සිටින බව එජාප ආරංචි මාර්ගවලින් පැවසේ.

එ අනුව මහනගර සභා, නගර සභා සහ ප‍්‍රාදේශීය සභා ඇතුළත් පළාත් පාලන මැතිවරණයට එක්සත් ජාතික පෙරමුණෙන් තරග කිරීම සඳහා 24,000කට වැඩි පිරිසක් නාම යෝජනා ඉල්ලා ඇතැයි කියැවේ.

ඊට අමතරව එක්සත් ජාතික පෙරමුණේ හවුල්කාර පක්ෂ ද එම පෙරමුණෙන් නාම යෝජනා ලබාගැනීම සඳහා නම් ඉදිරිපත් කිරීම නිසා අපේක්ෂක ලැයිස්තු සැකසීම තියුණු වී ඇතියි පැවසේ.

කෙසේ වෙතත් එක්සත් ජාතික පෙරමුණ, මහ නගර සභා, නගර සභා සහ ප‍්‍රාදේශීය සභා සඳහා ඉදිරිපත් කරන අවසන් අපේක්ෂක ලැයිස්තු සකස් කරනු ලබන්නේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රධානත්වය දරන ජාතික නාම යෝජනා මණ්ඩලය මගින් වන බවත් කියැවෙයි.