FAST NEWS

24×7 Around the Globe

ජර්මනියේ දුම්රිය අනතුරකින් පුද්ගලයින් 50කට තුවාල..

ජර්මනියේ ඩසල්ඩෝෆ් ප්‍රදේශයේ ඊයේ(05) දින සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයින් 50කට ආසන්න පිරිසක් තුවාල ලැබු බව විදෙස්මාධ්‍ය පවසයි.

මගී ප්‍රවාහන දුම්රියක් සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් මීර්බුෂ් ප්‍රදේශයේ දුම්රියපොළක් අසලදී එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවත් අනතුර සිදුවන අවස්ථාවේ මගී ප්‍රවාහන දුම්රියේ පුද්ගලයින් 150ක් පමණ සිටි බවත් සහන සේවා අංශ පවසයි.

දුම්රියේ සිර වී සිටින මගීන් බේරා ගැනීම සඳහා සහන සේවකයින් විශේෂ මෙහෙයුමක් ආරම්භකර තිබෙන බව විදෙස්වාර්තා වල සදහන්ය.

 

C.Rodrigo