පසුගිය නොවැම්බර් 18 වැනිදා චීනයේ පැවති ‘ලෝක රූ රැජිණ‘ තේරිමේ තරගය ජයගන්නට සමත්වූ ඉන්දියාවේ 20 වැනි වියෙහි පසුවන මනුෂි චිල්යර්ට සුබපැතුම් එක් කිරීමට වර්තමානයේ බොලිවුඩ් සිනමා නිළියන් බවට පත්ව සිටින සුස්මිතා සෙන්, අයිශ්වර්යා රායි, ලාරා දත්තා, ප්‍රියංකා චොප්රා ඇයට ට්විටර් පණිවිඩ එක්කර ඇති බව වාර්තා වේ.
එමෙන්ම ෂාරුක්, අමිතාබ් බච්චන්, සිද්ධාර්ත් මල්හෝත්‍රා, වරූන් ධාවන්, අර්ජූන් කපූර්, නේහා ඩූපියා, රිතෙක් දේශ්මුක් වැනි බොලිවුඩ් තරුද සිය සුබපැතුම් එක් කර තිබුණ බව සඳහන් විය.













