ඉන්දීයාව සමඟ එළඹෙන 10 වැනිදා ආරම්භ වීමට නියමීත තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා ඊයේ (05) මධ්‍යම රාත්‍රීයේ දිවයිනෙන් පිටත් වීමට නියමීතව සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් 09 දෙනෙකුට පමණ ,අවසන් මොහොතේදි නැවත කටුනායක ගුවන්තොපුලෙදී හැරි එමට සිදුව ඇතැයි වාර්තා වේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිළධාරීන් විසින් අවසන් මොහොතේදි මෙම කැඳවිම කර ඇති බව ක්‍රීකට් ආයතන ආරංචි මාර්ග පවසයි.
අදාළ ක්‍රීඩකයින්ට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය නොළැඹිම නිසා නිළධාරීන් විසින් එම ක්‍රීඩකයින් මෙසේ කැඳවා ඇති බවත් වැඩි දුරටත් වාර්තා වේ.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් කළ වීමසිමකදි සඳහන් කර සිටියේ නිළ වශයෙන් ප්‍රකාශයක් සිදු කෙරෙන තුරු කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවය.
DE සිල්වා







