යේමනයේ හිටපු ජනාධිපති අලි අබ්දුල්ලා සලේ ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස්වාර්තා පවසයි.
විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ සලේගේ ආධාරකරුවන් සහ හූති කැරලිකරුවන් අතර ඊයේ(04) දින හටගත් ගැටුම් අතරතුර එල්ල වූ ප්‍රහාර වලින් ඔහු ජීවිතක්ෂයට පත් වූ බවයි.
හිටපු ජනාධිපතිවරයා ජීවිතක්ෂයට පත් වූ බව ඔහු නියෝජනය කරන ජනතා කොංග්‍රස් පක්ෂය විසින් තහවුරු කර ඇති බව විදෙස්වාර්තාවල සදහන්ය.
C.Rodrigo









