FAST NEWS

24×7 Around the Globe

සබීතගේ බිල්ඩිම ගනිද්දී මං පොඩි මෝඩ වැඩක් කලා..

‘කෘෂිකර්ම අමාත්‍යාංශය අලුත් ගොඩනැගිල්ලකට ගෙන යද්දී මං පුංචි මෝඩ වැඩක් කලා’ යයි කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක මහතා කෘෂිකර්ම අමාත්‍යාංශය පිලිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය අමතමින් පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

එහිදී ඔහු මෙසේ සඳහන් කළේය.

‘කෘෂිකර්ම අමාත්‍යාංශයට අලුත් ගොඩනැගිල්ලක් ගැනීම ගැන රට පුරා පසුගිය වසර දෙකක් තිස්සේ ලොකු මඩ ප්‍රචාරයක් ගෙන ගියා. මම ඒ ගැන අද යමක් කියන්න ඕනේ.

අපි හිටපු කෘෂිකර්ම අමාත්‍යාංශ ගොඩනැගිල්ල කථානායකතුමා පාර්ලිමේන්තුවට ඉල්ලපු වෙලාවේ මං පොඩි මෝඩකමක් කළා.

මට තිබුනෙ අලුත් ගොඩනැගිල්ලක් හදලා යතුර බාර දෙනකම් පරණ තැනම ඉන්න. එහෙම වුණා නම් මේ මුකුත් ප්‍රශ්නයක් නැහැ.

එහෙම නම් බැනුම් අහන්න වෙන්නේ මට නෙවෙයි කථානායකතුමාටයි. අද කථානායකතුමා බේරිලා මම බැණුම් අහනවා. ඒකට කමක් නෑ’