සත්කාරක ඉන්දීය කණ්ඩායම සමඟ නවදිල්ලියේ ෂෙරා කොට්ලා ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රීකට් තරගයේ සිය පළමු ඉනීම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර ලකුණු 373 කට සීමා විය.
එ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දීය කණ්ඩායම කඩුළු 07 ක් පමණකද් දැවි සිය පළමු ඉනිම වෙනුවෙන් රැස් කළ ලකුණු 536 ට වඩා තවත් ලකුණූ 163 ක් පසු පසින් සිටියි.
තරගයේ සිව්වන දිනය වන අද (05) දිනයේ ශ්‍රී ලංකා අවසන් කඩුළුල්ල වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් හා ලහිරු සඳකැන් ක්‍රීඩා පිටියට පිවිසියහ.
කෙසේ වෙතත් ලකුණු පන්දු 361 කට ලකුණූ 164 ක් රැස් කරගෙන සිටි දිනේෂ් චන්දිමාල් ඉෂාන්ත් ශර්මාගේ පන්දුවක් හමුවේ ෂිකර් ධවාන් අතට උඩ පන්දුවක් ලබා දී දැවී ගියේය.
ලකුණූ පුවරුව..
DE සිල්වා








