FAST NEWS

24×7 Around the Globe

ජල-විදුලි බිල ගැන අනුරගෙන් අනාවැකියක්..

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මේ වනවිට ලබාගෙන ඇති ණය ප්‍රමාණය රුපියල් බිලියන 350ක් වුවද මණ්ඩලය ලබන වාර්ෂික ආදායම රුපියල් බිලියන 23ක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක පවසයි.

ජල සම්පාදන මණ්ඩලය විසින් ටෙන්ඩර් පටිපාටි නිසි පරිදි අනුමත නොකිරීම නිසා මෙම බරපතළ මූල්‍ය අර්බුදය සිදුවී ඇති බව මන්ත්‍රිවරයා පෙන්වා දෙයි.

දිසානායක මහතා පැවැසුවේ මේ හේතුවෙන් නැවත වරක් ඉදිරි මාස 3 තුළ ජල බිල ඉහළ යනු ඇති බවයි.