බොලිවුඩ් සිනමාවේ කලකට ඉහත ඉතා ජනප්‍රිය නළුවෙකු මෙන්ම, නිෂ්පාදකවරයෙකු වන 79 වැනි වියෙහි පසුවූ ශෂී කපූරු සිය දිවි ගමනට සමුදී තිබෙන බව විදෙස් වාර්තා පවසයි.
ඔහු කෙටි කලක් අසනීප තත්ත්වයෙන් සිටි බවත් මුම්බායි නුවර කෝකිලාබෙන් ධයිරුභායි අම්භානි රෝහලේදී අවසන් හුස්ම හෙලූ බවත් ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.
ශෂී කපූර්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (05)පෙරවරුවේ පැවැත්වෙන බව විදෙස් වාර්තා පවසයි.
බොලිවුඩ් තිරයේ සිය දක්ෂතා නිසාම අවස්ථා ගණනාවකදීම සම්මානයට පාත්‍රා වී ඇති ශෂී කපූර් 2011 වසරේදී ඉන්දියාවේ ඉහළ සම්මානයක් වන පද්ම භූෂණ සම්මානයෙන් පිදුම් ලබා තිබෙන අතර ඉන් නොනැවතී, ඉන්දීය සිනමාට සිදුකළ මෙහෙය වෙනුවෙන් ඉන්දීය සිනමා ක්ෂේත්‍රයෙහි පිදෙන ඉහළම සම්මානයක් ලෙස සැලකෙන 2015 වසරේදී ඩාඩා සහේබ් ෆාල්කේ සම්මානයෙන්ද පිදුම් ලබන ලදි.
බ්‍රිතාන්‍ය ජාතික රංගන ශිල්පිනියක වූ ජෙනිෆර් සමග විවාහ වී සිටි ඔහු වර්ෂ 1978 දී ඇය සමග එක්ව මුම්බායි ප්‍රවිති රඟහල බිහි කර තිබුණි.
ඡායාරූප පහතින්..




![]()







![]()










