FAST NEWS

24×7 Around the Globe

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට නවීන තාක්ෂණය හඳුන්වා දිය යුතුයි..

සිදුවන කාලගුණ විපර්යාස පිළිබඳව තොරතුරු ලබාදීමට සේම ඒ හරහා සිදුවිය හැකි විනාශකාරී තත්ත්වය පිළිබඳව දත්ත ඉදිරිපත් කළ හැකි ආකාරයට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නවීකරණය කරන බව ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඊයේ(04) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පිහිටුවා වසර 150ක් ගතවී තිබුණද ලෝකයේ සිදු වූ වෙනස්කම් එම දෙපාර්තමේන්තුවට හඳුන්වා දී නොමැති බවද හෙතෙම සඳහන් කළේය.

තොරතුරු ලබාදීමට දෙපාර්තමේන්තුවට නවීන තාක්ෂණය හඳුන්වා දිය යුතු බවත්, මේ හරහා දිගු කාලීන වශයෙන් කාලගුණ අනාවැකි ඉදිරිපත් කිරීමට හැකියාව ලැබෙන බවත් පැවැසීය.