FAST NEWS

24×7 Around the Globe

ඕමාන රාජ්‍යය ගෝලීය ත්‍රස්ත දර්ශකයේ අංක එකට පැමිණෙයි..

අරාබි ලීගයට අයත් රටවල් 22 අතරින් ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වීමේ වැඩිම අවධානමක් ඇති රට ලෙස ඕමාන රාජ්‍යය ගෝලීය ත්‍රස්ත දර්ශකයේ අංක එකට පැමිණ ඇති බව වාර්තා වේ.

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පදනම් කරගත් ආර්ථික හා සාමය පිළිබඳ ආයතනය සිදුකරන ලද සමීක්ෂණයකින් මේ බව හෙළි වී ඇත.

ලෝකයේ රටවල් අතරින්, ත්‍රස්ත ප්‍රහාරයන් හේතුවෙන් පීඩාවට පත් නොවු රටවල් 30 අතරට පැමිණීමට2016 වර්ෂයේදි ඕමාන රාජ්‍යය සමත් වු බව ආර්ථික හා සාමය පිළිබඳ ආයතනය නිකුත් කරන ලද වාර්තාවේ සඳහන් කර ඇත.