FAST NEWS

24×7 Around the Globe

හැරී මේගන්ට පලඳවන්නේ ඩයනා කුමරියගෙන් මුද්දක්..!

ජනප්‍රිය නිළි මේගන් මාක්ල් සහ හැරී කුමරුන‍් යුවළ ලබන ජනවාරි මාසයේදී විවාහ ගිවිස ගැනීමට නියමිත බව පසුගිය සතියේ හොලිවුඩ් මාධ්‍ය වාර්තා කර තිබුණි.

විවාහ ගිවිස ගන්නා දිනයේදී හැරී විසින් මේගන්ට පලඳවන්නේ ඉතා වටිනා දියමන්ති මුද්දක් වන බවත් මේ මුද්ද හැරී ට දැනටමත් ලැබී තිබෙන බවත් ඒ, ඔහුගේ ආදරණීය මව ඩයනා කුමරියගෙන් වන බවත් සදහන්ය.

විවාහ ගිවිස ගැනීමෙන් පසුව සම්ප්‍රදායිකව සිදුවන නව යුවළ ගේ ඡායාරූප ගැනීමෙන් පසුව ඔවුන් දෙදෙනා බකිංහැම් මාළිගයේදී මාධ්‍ය හමුවක් පැවැත්වීමට සැලසුම් කර තිබෙන බව විදෙස්මාධ්‍ය පවසයි.