FAST NEWS

24×7 Around the Globe

“දළ පූට්‌ටුවා” හස්‌තියාගේ ඇත් දළවලින් කළ දේ..

වෙඩි තබා ඝාතනය කළ ගල්ගමුවේ “දළ පූට්‌ටුවා” හස්‌තියාගේ ඇත් දළවලින් නිමැවූ ග්‍රෑම් 09 කට අධික බරකින් යුත් රන් කොපු සහිත පෙන්ඩන්ට්‌ 3 ක්‌ සමග හස්‌තියා ඝාතනයට සම්බන්ධ බවට සැකපිට තවත් ග්‍රාම නිලධාරීන් දෙදෙනකු පෙරේදා (02) පස්‌වරුවේ නිකවැරටිය කොට්‌ඨාස බුද්ධි අංශයේ නිලධාරීන් කණ්‌ඩායමක්‌ විසින් අත්අඩංගුවට ගෙන ඇත.

දැනට අත්අඩංගුවට ගෙන රක්‌ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් ලබාදුන් තොරතුරකට අනුව මෙම ග්‍රාම නිලධාරීන් දෙදෙනා පොල්පිතිගම පිහිටි ඔවුන්ගේ නිවෙස්‌වලදී කොටුකරගත් බව වාර්තා වේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මකුල්පොත ග්‍රාම නිලධාරි වශයෙන් කටයුතු කළ රාජාංගණ පනික්‌කියලාගෙදර චමින්ද ආරියරත්න (42) සහ දොරවේරුව ග්‍රාම නිලධාරි වශයෙන් කටයුතු කළ හුංදාවෙඩිකාරයලාගේ ඉන්දික සේනාධීර (32) යන දෙදෙනාය.

මෙම ග්‍රාම නිලධාරීන් දෙදෙනා ඇත්දළවලින් සකස්‌ කළ පෙන්ඩන්ට්‌ 3 ක්‌ සමඟ අත්අඩංගුවට ගත් බව ද ඒවායේ බර ග්‍රෑම් නවයකට අධික බව ද එම නිලධාරියා කියා සිටියේය.

මෙම පුද්ගලයන් රන් කොපු යොදා ඇත්දළ වලින් පෙන්ඩන්ට්‌ සකස්‌ කර තිබූ බවද හෙතෙම කියා සිටියේය.

ඔවුන් සතුව තිබී හමුවූ පෙන්ඩන්ට්‌ ඝාතනය කරන ලද “දළ පූට්‌ටුවා” හස්‌තියාගේ දළවලින් නිර්මාණය කළ ඒවා බවට අනාවරණය වී තිබේ.