FAST NEWS

24×7 Around the Globe

තේ පානයට – ශ්‍රී ලංකාව තවත් ලකුණූ 266 ක් පසු පසින්..

සත්කාරක ඉන්දීය කණ්ඩායම සමඟ නවදිල්ලියේ ෂෙරා කොට්ලා ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රීකට් තරගයේ තෙවැනි දිනයේ (04) තේ පානය සඳහා තරගය අත්හිටුවන විට සිය පළමු ඉනීම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 04 ක් දැවී ලකුණු 270 ක් රැස් කරගෙන සිටියේය.

එ අනුව ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුළු 07 ක් පමණක් දැවී ලබාගත් ලකුණු 536 ට වඩා ශ්‍රී ලංකා කණ්ඩායම තවත් කඩුළු 06 ක් අතැතිව ලකුණු 266 ක් පසු පසින් සිටියි.

තේ පානය සඳහා තරගය අත්හිටුවන විට නොදැවී පන්දුවට පහර දෙමීන් සිටි නායක දිනේෂ් චන්දිමාල් පන්දු 262 කට මුහුණ දී ලකුණු 98 ක් හා සධීර සමවික්‍රම පන්දු 15 කට ලකුණූ 04 රැස් කරගෙන සිටියහ.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නියැළුණු ඇන්ජලෝ මැතිව්ස් පන්දු 268 කට ලකුණු 11 ක් ලබා ගත්තේය..

ලකුණූ පුවරුව..

 

DE සිල්වා