FAST NEWS

24×7 Around the Globe

වයස 112දී ලෝක වාර්තාවක් තැබූ අප රටේ වයස්ගතම කත මිය යයි..

සිවු මුනුපුරන් දැක ඇති රෝගී තත්වයෙන් පසුවූ ශ්‍රී ලංකාවේ වයස්ගතම මාතාව පසුගිය දෙසැම්බර් පළමු වැනිදා උදෑසන 11.30ට පමණ මෙලොවින් සමුගත්තාය.

ඇය මෙරට සිටි සුවිශේෂී කාන්තාවක් වන අතර සමස්ත ලංකා ප්‍රවීණයන්ගේ ක්‍රීඩා උළෙලේ 110 සහ 115 අතර වයස් කාණ්ඩවලින් පැවැත්වූ හෙල්ල සහ යගුළිය දැමීමේ ඉසව්වලින් ගිනස් වාර්තාවක්ද පිහිටුවා තිබෙන ලංකාවේ සිටි එකම කාන්තාව ඇය පමණි.

1902.06.04 දිනයේදී උපත ලද ඇය නමින් අරණායක ගැවිලිපිටිය ග්‍රාමයේ පදිංචි කිරි උක්කු මාතාව නම් වන අතර කිරි උක්කු මාතාව පසුගිය ජුනි 04 වැනිදා 115 වැනි උපන් දිනය සමරන ලද අතර ඇය ලෝකය හමුවට තම හැකියාව රැගෙන ගොස් අප රටට හා තමන් ජීවත් වන අරණායක ප්‍රදේශයට අභිමානයක් ගෙන දුන් මාතාවකි.