FAST NEWS

24×7 Around the Globe

සත්කාරක ඉන්දීයාව පරදා ඔස්ට්‍රේලියාවට විශිෂ්ට ජයක්..

සත්කාරක ඉන්දීය කණ්ඩාම සමග ඊයේ (10) පැවති දෙවැනි විස්සයි විස්ස තරගයෙන් කඩුළු 08 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනු ඔස්ට්‍රේලියා අරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ සියළු දෙනා දැවී ලකුණු 118 ක් රැස් කළේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 15 පන්දු 03 කදී ලකුණු 122 ක් ලබා ගනිමීන් සිය ජයග්‍රහණය තහවුරු කර ගැනීමට සමත් විය.

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් විශිෂ්ට පිතිකරණයක නියැලුණු මොසස් හෙන්රික්ස් නොදැවි ලකුණු 62 ක් සහ ට්‍රැවිස් හෙඩ් නොදැවි ලකුණු 48 ක් ලබා ගනිමීන් ජයග්‍රහණය කරා ගෙන ගියහ.

එ අනුව තරග තුනකින් සමන්විත දෙරට අතර විස්සයි විස්ස තරගාවලිය 01-01 ලෙස සම තත්වයට පත්විය.

දෙරට අතර අවසන් හා තෙවැනි විස්සයි විස්ස ක්‍රීකට් තරගය එළඹෙන 13 වැනිදා පැවැත්විමට නියමීතය.

ලකුණූ පුවරුව

(DE සිල්වා)