රාජ්‍ය නර්තන උළෙල 2018 සඳහා අයැදුම්පත් භාර ගැනීම මේ දිනවල සිදු කෙරේ.
අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා රාජ්‍ය නර්තන හා මුද්‍රා නාට්‍ය උපදේශක මණ්ඩලය එක්ව මෙය සංවිධාන කෙරේ.
සිංහල හා දෙමළ භාෂා මාධ්‍යයෙන් ඉල්ලුම් කිරීමට අපේක්ෂා කරන සියලුම අයැදුම්කරුවන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ රාජ්‍ය නර්තන හා මුද්‍රා නාට්‍ය උපදේශක මණ්ඩලයෙන් නිකුත් කරන අයැදුම්පත් නිසි පරිදි සම්පූර්ණ කර අයැදුම්පත් භාර ගන්නා අවසන් දිනය වන 2017 ඔක්තෝබර් මස 30 දාට පෙර තමන් පදිංචි ප්‍රදේශය අයත් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට භාරදිය යුතුය.
ලිපි කවරයේ වම්පස කෙළවර රාජ්‍ය නර්තන උළෙල 2018 යනුවෙන් සඳහන් කළ යුතු වෙයි.
අදාළ අයැදුම්පත හා ව්‍යවස්ථාව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, රාජ්‍ය නර්තන හා මුද්‍රා නාට්‍ය අංශය, 8 වැනි මහල, සෙත්සිරිපාය, බත්තරමුල්ල යන ලිපිනයෙන් ලබාගත හැකිය.
මීට අමතරව රට පුරා ඇති සෑම දිස්ත්‍රික් ලේකම් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම සංස්කෘතික නිලධාරි මඟින් හෝ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ දුරකතන අංක 011-3186144 මඟින් විමසිම් සිදුකල හැකිය.
(DE සිල්වා)









