FAST NEWS

24×7 Around the Globe

සිනමා නිළි කංගනා රනවුත් නව ව්‍යාපාර කටයුත්තකට මුලපිරීමට යයි..

‘ක්වීන්‘ චිත්‍රපටය හරහා අතිශය ජනප්‍රිය වූ බොලිවුඩ් සිනමා නිළි කංගනා රනවුත් පසුගියදා අලුත් ව්‍යාපාර කටයුත්තකට මුලපුරා ඇති බව වාර්තා වේ.

පසුගියදා ඇය සිය නිෂ්පාදනය ආයතනය සඳහා මුම්බායි නගරයෙන් ආයතනයක් කෝටි 20ක් වැනි අධික මිලකට මිලදී ගෙන ඇති බවත් ඒ අනුව ඇය ඉදිරියේදී චිත්‍රපට නිෂ්පාදනයට හා බෙදාහැරීම් කටයුතු සඳහා යොමුවීමට යන බවත් සදහන්ය.

සිය අලුත්ම ව්‍යාපාරික කටයුත්ත පිළිබඳව ‘ෆිල්ම් ෆෙයාර්‘ සඟරාව සමගින් කළ සම්මුඛ සාකච්ඡාවකදී ඇය පවසා තිබුණේ තමා රංගනයෙන් දායක වන චිත්‍රපට ලාභ ලබන හෙයින් එය තමාගේම නිෂ්පාදනයක් කරගැනීමේ අරමුණින් මෙම ව්‍යාපාරික කටයුත්තට මුලපිරූ බවයි.