FAST NEWS

24×7 Around the Globe

අසාර් අලීගෙන් රංගන ගැන මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක්..

ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත්ට එරෙහිව සැලසුමකට අනුව ක්‍රීඩා කළද ඔහු ක්ෂණිකව ඊට අනුවර්තනය වන බව පාකිස්තාන කණ්ඩායමේ මුල්පෙළ පිතිකරුවෙකු වන අසාර් අලී
ශ්‍රී ලංකාව සමඟ අද (06) ආරම්භ විමට නයමීත දෙවන ටෙස්ට් තරඟයට පෙර පැවති නිළ මාධ්‍ය හමුවට එක්වෙමීන් ප්‍රකාශ කළේය.

මේ හේතුවෙන් රංගන හේරත්ට මුහුණදීම අසීරු කරුණක් බවත් හෙතෙම පවසයි.

රංගන හේරත් සහභාගි වූ ටෙස්ට් තරඟ 12 කට අසාර් අලී ක්‍රීඩා කර ඇති අතර, එහදි අවස්ථා 09 ක් ඔහුව දවාගෙන ඇත්තේ හේරත්ය.

ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ අද (06) පැවැත්වෙන ටෙස්ට් තරඟය ශ්‍රී ලංකාව සහභාගි වන පළමු දිවා රාත්‍රි ටෙස්ට් තරඟය විම සුවිශේෂ කරුණකි.

(DE සිල්වා)