FAST NEWS

24×7 Around the Globe

රංගන හේරත් හා පාකිස්තානය ගැන චන්දිමාල්ගෙන් විශේෂ ප්‍රකාශයක්..

පාකිස්තානයට එරෙහිව අබුඩාබිහිදී පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකාව ලකුණු 21ක තියුණු ජයග්‍රහණයක් කරා මෙහෙයවමීන් සමස්ත තරගයේ කඩුලු 11ක් ලබා ගනිමින් හා දෙවැනි ඉනිමේදී ලකුණු 43 කට කඩුලු 6 ක් දවා ගත් දඟ පන්දු ක්‍රීඩක රංගන හේරත් ට නායක දිනේෂ් චන්දිමාල් සිය ප්‍රශංසාව පුද කර සිටියේය.

පළමු ටෙස්ට් තරග පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දක්වමීන් නායක දිනේෂ් චන්දිමාල් රංගන හේරත් පිළිබඳව වැඩි දුරටත් ප්‍රශාංසා මුඛයෙන් අදහස් පළ කළේය.

“රංගන යනු කණ්ඩායම් මිනිසෙක්. ඔහු කණ්ඩායමට වටිනා වස්තුවක්, ක්‍රිකට් ක්‍රීඩාවෙන් හේරත් ඉගෙන ගෙන දේවල්වලින් එයා මටත් කණ්ඩායමටත් උපකාර කරනවා”

“සෑම තරුණ ක්‍රීඩකයෙකුම හේරත්ගේ පන්දු යැවීම හා පළපුරුද්ද ගැන කතා කරන්න එයා ළඟට යනවා. අනාගතය දිහා බලනවා නම්…ඔව්, එයාට දැන් වයස 39යි. ටිකක් වයසයි. නමුත් එයා හැමවිටම උත්සාහ කරන්නේ එයාගේ උපරිමය ලබා දීමටයි.”

“මට ඕන කරන්නේ මගේ ක්‍රිකට් දිවිය පුරාම එයා මගේ ළඟ සිටීමයි. තව කොච්චර කාලයක් එයා සෙල්ලම් කරාවිද කියා මම දන්නේ නැහැ. නමුත් කණ්ඩායම වෙනුවෙන් එයාට කරන්න පුළුවන් දේ එයා කරන බව මට විශ්වාසයි.”

එසේම නායක දිනේෂ් චන්දිමාල් පාකිස්තාන කණ්ඩායම ගැන මාධ්‍ය වෙත සඳහන් කර සිටියේය.

“පාකිස්තානය දක්ෂ කණ්ඩායමක් බව අප සැවොම දන්නවා. අපි කිසි දිනෙක ඔවුන්ව අවතක්සේරු කළේ නැහැ. දැන් ඔවුන්ව අවතක්සේරු කරන්නේත් නැහැ. මේ ජයග්‍රහණය අපට ලොකු ධෛර්යයක්.”

(DE සිල්වා)