FAST NEWS

24×7 Around the Globe

මහරගම ප්‍රා.ලේකම් කාර්යාලයේ ගින්නක්.

මහරගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයයේ බිම් මහලක ගබඩාවක තිබු පාපැදි, ශිතකරණ , ඇතුළු භාණ්ඩ තොගයක් ගින්නකින් විනාශ වු බව එහි නිලධාරිනියක කියයි. ඇතැම් භාණ්ඩ අඩු ආදායම්ලාභීන්ට බෙදා දීමට තිබු ඒවා බව ද ඕ කියන්නීය.

ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ ගිනිරථ එහි යන විට ගින්න නිවා දමා ඇත. අපරාධ ස්ථාන විමර්ශන (සොකෝ) නිලධරයන් එහි කැඳවන බව මහරගම පොලිසිය පවසයි.