FAST NEWS

24×7 Around the Globe

පාකිස්තානය පරදා ශ්‍රී ලංකාවට ලකුණූ 22 ක තියුණු ජයක්….

ලකුණු 136ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය පාකිස්තාන කණඩායම ලකුණු 114 ට සීමා කරමීන් අබුඩාබිහිදි පැවැත්වුණු පළමු ටෙස්ට් ක්‍රීකට් තරගය ලකුණූ 22 ක තියණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (02) දිනයේදී සමත් විය.

මෙහි ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සුවිශේෂි කාර්ය භාරයක් ඉටුකල රංගන හේරත් ලකුණු 43 කට කඩුලු 6ක් දවා ගැනමට සමත් විය.

ඒ අනුව ඔහු ටෙස්ට් කඩුලු 400 සීමාව ඉක්මවා ගිය අතර වමත් දග පන්දු යවන්නෙකු ටෙස්ට් කඩුලු 400ක් ලබාගත් පළමු අවස්ථාව ලෙසද මෙය ඉතිහාසයට එක්විය.

ශ්‍රී ලංකාව පළමු ඉනිම 419/10

පාකිස්තානය පළමු ඉනිම 422/10

ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම 138/10

පාකිස්තානය දෙවැනි ඉනිම 114/10

එ අනුව තරග තුනකින් සමන්විතර ටෙස්ට් තරගාවලිය 01-00 ලෙස පෙරමුණ ගැවනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වන අතර,දෙරට අතර දෙවැනි ටෙස්ට් තරගය ඔක්තොම්බර් 06 වැනිදා ඩුබායිහිදි පැවැත්වීමට නියමීතය.

(DE සිල්වා)