FAST NEWS

24×7 Around the Globe

ජාතික පාසල් අර්ධ මැරතන් තරගාවලි තෙවැනි අදියර මාතරදී..

ජාතික පාසල් අර්ධ මැරතන් තරගාවලියේ තෙවැනි අදියරේ තරගය සැප්තැම්බර් 30 දා මාතර උයන්වත්ත ක්‍රීඩාංගණය අසලින් සවස 4.00ට ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

බස්නාහිර, දකුණු හා ඌව පළාත් ආවරණය වන පරිදි අවුරුදු 15න් පහළ ළමුන් සඳහා මෙම තරගය පැවැත්වීමට සංවිධායක අධ්‍යාපන අමාත්‍යාංශ ක්‍රීඩා අංශය බලා‍පොරොත්තු වේ.

ජාතික පාසල් අර්ධ මැරතන් තරගයට සමගාමීව කි.මී. 05ක් දුරක් ඇති මාර්ග දිවීමේ තරගයක්ද සංවිධානයට පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකා පාසල් ක්‍රීඩා දින දර්ශනයේ වැදගත් ඉසව්වක් වන මෙයට සුපුරුදු පරිදි නෙස්‍ලේ සමාගමේ නෙස්ටමෝල්ට් අනුග්‍රාහකත්වය දක්වයි.

(DE සිල්වා)