FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා පාකිස්තාන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද..

ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අබුඩාබිහි ශීක් සයිඩ් ක්‍රීඩාංගණයේ දී මෙරට වේලාවෙන් උදෑසන 11.30ට ආරම්භ කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දිනේෂ් චන්දිමාල් විසින් දරනු ලබන අතර සෆ්රාස් අහමඩ් පකිස්තාන කණ්ඩායමේ නායකත්වය දරනු ලබයි.

ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර ක්‍රිකට් තරගාවලිය ටෙස්ට් තරග දෙකකින්, එක්දින තරග පහකින් සහ විස්සයි විස්ස ක්‍රිකට් තරග 3කින් සමන්විතය.

(DE සිල්වා)