FAST NEWS

24×7 Around the Globe

මහේල නොමැතිව ශ්‍රී ලංකාවේ 03 ක් සදාතනික කණ්ඩායමට නම් කෙරු හේතුව සංගා පහදයි..

ශ්‍රී ලංකා හිටපු නායක කුමාර් සංගක්කාර ඔහුගේ සදාතනික ක්‍රිකට් කණ්ඩායම (ALL TIME – XI) පසුගියදා ප්‍රකාශයට පත් කළේය.

කෙසේ වෙතත් මීට ඔහුගේ හොඳම කණ්ඩායම් සගයා වන මහේල ජයවර්ධන මෙම කණ්ඩායමට ඇතුළත් නොවීම විශේෂ කරුණකි.

එ අනුව ශ්‍රී ලංකාවේ මහේල ජයවර්ධන හා අරවින්ද ද සිල්වා අතරින් අංක පහ ස්ථානයේ ක්‍රීඩා කිරීමට ක්‍රීඩකයෙක් තෝරාගැනීම තමාට ඉතාම දුෂ්කර වූ බව මෙම කණ්ඩායම නම් කරමීන් මාධ්‍ය වෙත සඳහන් කර තිබේ.

මහේල ශ්‍රී ලංකාව බිහිකළ විශිෂ්ටතම ක්‍රීඩකයෙක් බව තමා අවිවාදයෙන් පිළිගන්නා බවත් සදාතනික කණ්ඩායමේ එම ස්ථානයට අරවින්ද ද සිල්වා තෝරාගත් බවත් ඔහු එහිදී පැහැදිලි කළේය.

සංගාගේ මෙම කණ්ඩායමට ඔස්ට්‍රේලියානුවන් සිව්දෙනෙක්, ශ්‍රී ලාංකිකයන් තිදෙනෙක්, එක් ඉන්දියානුවෙක්, එක් කොදෙව් ක්‍රීඩකයෙක්, එක් දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෙක් සහ එක් පාකිස්තානුවෙක් ඇතුළත්ය.

කණ්ඩායම පහතින්..

(DE සිල්වා)