FAST NEWS

24×7 Around the Globe

එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක බෙන් ස්ටොක් අත්අඩංගුවට..

එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක බෙන් ස්ටොක් පුද්ගල පහරදිමක් සම්බන්ධයෙන් එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

එංගලන්තයේ බ්‍රිස්ටල්හි රාත්‍රී සමාජ ශාලාවක් ඉදිරිපිට මෙම පහරදීම සිදුව ඇති බව සඳහන් වන අතර අත්අඩංගුවට පත් වූ බෙන් ස්ටොක් දිනක කාලයක් පොලිස් අත්අඩංගුවේ තබාගෙන පසුව චෝදනාවක් රහිතව ඔහු මුදාහැර ඇති බවද වාර්තා වේ.

මේ හේතුවෙන් අද (27) දිනයේ පැවැත්විමට නියමිත එංගලන්ත බටහිර ඉන්දිය කොදෙව් එක්දින තරඟයට සහභාගීවිමේ අවස්ථාව බෙන් ස්ටොක් හට අහිමි වී තිබේ.

ගැටුමේදී බෙන් ස්ටොක්ගේ අතකට ද තුවාල සිදුව ඇති බව සඳහන්ය.

මේ සම්බන්ධයෙන් එරට පොලීසිය තවදුරටත් විමර්ශන සිදු කරන අතර එංගලන්ත ක්‍රිකට් බලධාරින් ද පරික්ෂණයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

(DE සිල්වා)