FAST NEWS

24×7 Around the Globe

දසුන්ගේ සිය දිවි නසා ගැනීම පිළිබද අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ ඇරඹේ..

නව පරපුරේ රංගන ශිල්පියෙකු වන දසුන් නිශාන්ගේ සිය දිවි හානි කර ගැනීම සම්බන්ධයෙන් පොලීසිය අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ ආරම්භ කර තිබේ.

පිළියන්දල පොලීසියේ ප්‍රකාශකයෙකු සදහන් කළේ ඔහුගේ ජංගම දුරකථනයට ලැබුණු දුරකථන ඇමතුම් සහ අනෙකුත් තොරතුරු ඔස්සේ මෙම පරීක්ෂණ ක්‍රියාත්මක බවයි.

මීට අමතරව ඔහුගේ සිය දිවි නසා ගැනීම පිළිබදව මෙම සිද්ධියට පෙර ලියූ ලිපිය සහ පවුලේ ඥාතීන්ගෙන් මෙන්ම මිතුරන්ගෙන් ද ප්‍රකාශ මේ වන විට සටහන් කරගෙන තිබේ.